ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දියාවට අධික සීතල සහ ඝන මීදුම

ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දියාවට අධික සීතල සහ ඝන මීදුම

අධික සීතල සහ ඝන මීදුම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල සංචාරක ව්‍යාකූලත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඝන මීදුම හේතුවෙන් නගරයේ ගුවන් ගමන් 100 කට වැඩි ප්‍රමාණයක් සහ දුම්රිය 25 ක් ප්‍රමාද වී ඇති බවයි පැවසෙන්නේ

උදෑසන ඝන මීදුම නිසා වාහන තදබදයක් ඇතිව ඇති අතර සමහර ප්‍රදේශවල අනතුරු ද සිදුව තිබෙනවා

උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලින්ද අනතුරු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

පන්ජාබ්, හර්යානා, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ ඉන්දීය පාලිත කාශ්මීර් යන උතුරු ප්‍රාන්තවල බොහෝ ප්‍රදේශවල ද ශීත කාලගුණය දිගටම පවතින බවද සඳහන්

ඉදිරි දින පහ තුළ මීදුම් සහිත තත්ත්වය පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එම දෙපාර්තමේන්තුව රිය පැදවීමේදී ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇති අතර මාර්ගවල දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ආලෝකය භාවිතා කරන ලෙස ඉල්ලා තිබෙනවා

හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් මිස පිටතට යාමෙන් වළකින ලෙසත් එළිමහනේ සිටින විට ප්‍රමාණවත් ලෙස මුහුණු ආවරණය කරන ලෙසත් ඉන්දීය කාලගුණ කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා ඇති බවද සඳහන්

අධික සීතල ඉන්දියාවේ නිවාස නොමැති ජනගහනයට විශේෂයෙන් දුෂ්කර වී ඇති අතර ඔවුන් බොහෝ විට පාර අසල සහ දුම්රිය ස්ථානවල නිදා ගන්නා බවයි පැවසෙන්නේ

Share This