ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 13ක් මරුට – 40කට තුවාල – දුම්රිය 18ක් අවලංගු කෙරේ

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 13ක් මරුට – 40කට තුවාල – දුම්රිය 18ක් අවලංගු කෙරේ

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි ඊයේ(29) සවස හවුරා-චෙන්නායි මාර්ගයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වන විට දුම්රිය 18ක් අවලංගු කර ඇති අතර 22ක් වෙනත් මාර්ගවලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ .

මියගිය පුද්ගලයින්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ආධාර ප්‍රකාශ කරන බව දුම්රිය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා .

බරපතල තුවාල ලැබූවන්ට රුපියල් ලක්ෂ 2.5ක් සහ සුළු තුවාල ලැබූ මගීන්ට රුපියල් 50,000ක් හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ

 

Share This