ඉන්දියාවේ දේවස්ථානයක් කඩා දැමීමෙන් පසු ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු මරුට

ඉන්දියාවේ දේවස්ථානයක් කඩා දැමීමෙන් පසු ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු මරුට

අනවසරයෙන් ඉදිකරන ලද බව පවසමින් බලධාරීන් විසින් මුස්ලිම් දේවස්ථානයක් කඩා දැමීමෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයක ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“anti-encroachment drive” නොහොත් ආක්‍රමණ විරෝධී ක්‍රියාවක් යැයි පොලිසිය පැවසීමෙන් අනතුරුව උත්තරාකාන්ද් හි Haldwani නගරයේ මෙම ගැටුම් ආරම්භ වී තිබෙනවා.

බලධාරීන් පවසන්නේ දේවස්ථානය සහ යාබද මද්‍රාසා පාසල ඇතුළු නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මෙම මෙහෙයුම දියත් කළ බවයි.

නමුත් දේවස්ථානයේ සිටි පිරිස පවසන්නේ ඔවුන් අසාධාරණයට ලක්වී ඇති බවයි.

ඊයේ(08) සවස ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් සිය ගණනක් තුවාල ලබා ඇති බවද සඳහන්.

විරෝධතාකරුවන් වාහනවලට ගිනි තබන අයුරු සහ ගල්මුල් ප්‍රහාර එල්ල කරන අයුරුත් පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අයුරුත් වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරනවා.

මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති අතර රජය විසින් වෙඩි තැබීමේ නියෝග නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This