ඉන්දියාවේ පාලම කඩා වැටීමෙන් මියගිය අයගෙන් 40%කට වැඩි පිරිසක් ළමුන් (VIDEO)

ඉන්දියාවේ පාලම කඩා වැටීමෙන් මියගිය අයගෙන් 40%කට වැඩි පිරිසක් ළමුන් (VIDEO)

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පසුගියදා එල්ලෙන පාලමක් ගඟකට කඩා වැටීමෙන් පසු මියගිය අයගෙන් 40% කට වැඩි පිරිසක් ළමයින් බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා

වයස අවුරුදු 12ට අඩු ළමුන් 40ක් ඇතුළුව ළමුන් 56ක් මියගොස් ඇති බවත් ඊට අමතරව කාන්තාවන් 32ක් මිය ගිය බවත් මෝර්බි නගරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

මෙම අනතුර වසර ගණනාවකට පසු ඉන්දියාවේ සිදු වූ දරුණුතම ඛේදවාචකයන්ගෙන් එකක් බවත් අලුත්වැඩියා කිරීමෙන් පසු එල්ලෙන පාලම දින පහකට පෙර නැවත විවෘත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

පාලම කඩා වැටීම සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This