ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට (VIDEO)

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළට (VIDEO)

ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා

ඒ අනුව පාලම කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති බවයි බලධාරීහු පවසන්නේ

මෙම සිදුවීම සිදුව ඇත්තේ මිසෝරාම් ප්‍රාන්තයේ සයිරාන්ග් නගරය ආසන්නයේදී යි

පාලමේ කොටසක් කඩා වැටෙන විට කම්කරුවන් 40 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව සඳහන්

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දුම්රිය අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

අගමැති නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ විපතට පත් වූවන්ට හැකි සෑම සහයක්ම ලබා දෙන බවයි

මියගිය අයගේ සමීපතම ඥාතීන්ට රජය ඩොලර් 2,400 මුදලක් ඒ අනුව ගෙවනු ඇති

Khamrang-Sihhmui දුම්රිය මාර්ගය කිලෝමීටර 51 ක් දිග වන අතර වසර දෙකකට පමණ පෙර වැඩ ආරම්භ කිරීමෙන් පසු එළඹෙන දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිත තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This