ඉන්දියාවේ විදේශ සංචිතවල අඛණ්ඩ වර්ධනයක්

ඉන්දියාවේ විදේශ සංචිතවල අඛණ්ඩ වර්ධනයක්

ඉන්දියාවේ විදේශ සංචිතවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට ආර්ථික දත්තවලට අනුව ඉන්දියාවේ විදේශ සංචිත ඉහළ ගොස් ඇත්තේ එම සංචිත අඛණ්ඩව වර්ධනය වූ 03 වන සතිය ලෙසයි.

ආර්ථික දත්තවලට අනුව නොවැම්බර් 25 වනදායින් අවසන් වූ සතිය වනවිට ඉන්දියාවේ සමස්ථ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 550.14 ක්.

එය ඊට පෙර සතියට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් බිලියන 2.89 ක වර්ධනයක් බවයි ඉන්දීය මහ බැංකුව පවසන්නේ.

එමෙන්ම මේවනවිට ඉන්දියාව සතු රන් සංචිතවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 39.94 ක් වනවා.

ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හා ලොව පස්වන විශාලතම ආර්ථිකය හිමි රට වන්නේ ද ඉන්දියාවයි

Share This