ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ගංවතුරෙන් හමුදා සාමාජිකයින් 22ක් ඇතුළු 80ක් අතුරුදන්

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ගංවතුරෙන් හමුදා සාමාජිකයින් 22ක් ඇතුළු 80ක් අතුරුදන්

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් පසු හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම දස දෙනෙකු මිය ගොස් ඇති බවට දැනටමත් තහවුරු වී ඇති බවයි සඳහන් වන්නේ

ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ හා සම්බන්ධ කරන පාලම් දෙකක් කැඩී යාම හේතුවෙන් ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා .

ඇතැම් හමුදා වාහන රොන් මඩවලට යටවී ඇති බවද නිලධාරීහු පවසනවා

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවලද මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර පහත් බිම්වලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා

ප්‍රදේශයේ සිරවී සිටින අය අතර සංචාරකයින් 3,000කට අධික පිරිසක් සිටින බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ

Share This