ඉන්දියාවේ හිටපු මන්ත්‍රී ඝාතනයෙන් පසු එරට පැනවූ තහනම (VIDEO)

ඉන්දියාවේ හිටපු මන්ත්‍රී ඝාතනයෙන් පසු එරට පැනවූ තහනම (VIDEO)

ඉන්දීය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවක් ඇති විය හැකි බවට බියෙන් උත්තර් ප්‍රදේශ් රජය මුළු ප්‍රාන්තය පුරා පුද්ගලයින් හතරකට වඩා සහභාගී වන රැස්වීම් තහනම් කර තිබෙනවා.

වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා පොලිසිය විසින් මොවුන් රැගෙන යමින් සිටිය දී එම අවස්ථාව ඇතැම් මාධ්‍ය මගින් සජීවීව ආවරණය කර තිබුණා

වෙඩි තැබීම සිදුවුණේ එම සජීවී මාධ්‍ය ආවරණය අතරතුරදී යි .

ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු එරට පොලිසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරකයන් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ

ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

Share This