ඉන්දියාවේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් 5ක් මරුට

ඉන්දියාවේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් 5ක් මරුට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි මෝටර් රථයක් ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා

එම අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පස් දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෝටර් රථයේ සිටි තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහලට රැගෙන යන අතරමගදී මිය ගිය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Majhgava ගම්මානය අසල අලුයම 3ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මියගිය සියලු දෙනා වයස අවුරුදු 30ත් 35ත් අතර වයස්වල පසුවන්නන් අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් රජයේ සේවකයන් බවද සඳහන්

Share This