
ඉන්දීය අගමැති පිළිගැනීමේ උත්සවය මහත් හරසරින්
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය කොළඹ කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිය දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අරඹමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියා.
දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන සිව් වන අවස්ථාව මෙය වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමත් මෙම රාජ්‍ය සංචාරයේ අරමුණු බව සඳහන්.
මෙම සංචාරය අතරතුර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි.