
ඉන්දීය ආරක්ෂක අංශ තැති ගන්වමින් දිල්ලියේ දී වෛද්‍යවරයකු ගේ වාහනයකින් පුපුරණද්‍රව්‍ය කිලෝ 350 ක් මතුවේ
දිල්ලිය අසල ෆරීදාබාද්හි සිදු වූ දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියත් සමග, ප්‍රහාරක රයිෆලයක්, පිස්තෝලයක් සහ පතොරම් ගබඩා කිරීමට භාවිතා කළ මෝටර් රථයක් ෆරීදාබාද් රෝහලක වෛද්‍ය මුජම්මිල් ෂකීල් සමඟ සේවය කරන කාන්තා වෛද්‍යවරියකට අයත් බව විමර්ශකයින් සොයාගෙන තිබෙනවා.
ෆරීදාබාද් හි HR 51 කේතයෙන් ආරම්භ වන මරුටි සුසුකි ස්විෆ්ට් රථය, පොලිස් නිලධාරීන් ෂකීල්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු පරීක්ෂා කර තිබෙනවා.
ඔහුගේ හෙළිදරව් කිරීම් මඟින් ඇමෝනියම් නයිට්රේට් යැයි සැක කරන පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 350 ක්, ටයිමර් 20 ක් සහ වෙනත් සැක සහිත ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.
කුලියට ගත් නවාතැනකින් මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා.
විමර්ශකයින්ට අනුව, ෂකීල් පසුගිය වසර තුන තුළ ෆරීදාබාද්හි අල්-ෆලා වෛද්‍ය විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.
ඔහු වෛද්‍ය විද්‍යාලය තුළ ජීවත් වූ නමුත් ඩෝජ් හි කාමරයක් ද කුලියට ගෙන තිබී ඇතැයි පසුව සොයාගෙන තිබෙනවා.
දින දහයකට පෙර ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඔහුගේ සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව පොලිසියට බුද්ධි තොරතුරු ලැබීමෙන් පසුයි
ප්‍රශ්න කිරීමේදී, කුලියට ගත් කාමරය සහ ඔහුගේ සගයාට අයත් ස්විෆ්ට් මෝටර් රථය ගැන ඔහු පොලිසියට තොරතුරු පවසා තිබෙනවා.
ඔහුගේ කාමරය සෝදිසි කිරීමේ දී, පුපුරණ ද්‍රව්‍ය පිරවූ විශාල ගමන් මලු 8 ක් සහ කුඩා ගමන් මලු 4 ක් සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.
පොලිස් විශේෂඥයින් පවසන්නේ මේවා බොහෝ විට ඇමෝනියම් නයිට්රේට් විය හැකි බවයි.
ඉන්පසු ජම්මු සහ කාශ්මීර පොලිසිය සහ හර්යානා පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමකින් අදාල මෝටර් රථයේ තිබී AK-74 ප්‍රහාරක රයිෆලයක්, සඟරා, සජීවී උණ්ඩ 83 ක්, පිස්තෝලයක්, සජීවී උණ්ඩ 8 ක්, හිස් කාට්රිජ් 2 ක් සහ තවත් සඟරා 2 ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ ඇයගේ භූමිකාව තහවුරු කර ගැනීමට උත්සාහ කරන බැවින් කාන්තා වෛද්‍යවරියගෙන් දැන් ප්‍රශ්න කර ගෙන යන බවයි.
පොලිසියට අනුව, පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 350 ක් ෂකීල් වෙත ලැබී ඇත්ටේ සති දෙකකට පමණ පෙරයි.
ඔහුට ජයිෂ්-ඊ-මොහොමඩ් සමඟ සම්බන්ධතා තිබිය හැකි යැයි පොලිසිය සැක කරනවා.
නමුත් ජාතික අගනුවරට ආසන්නව මෙතරම් විශාල පුපුරණ ද්‍රව්‍ය රැස් කළේ මන්දැයි තවමත් හරි හැටි අනාවරණය වී නැහැ.
මෙතරම් විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් දිල්ලියට එතරම් සමීපව ළඟා වූයේ කෙසේදැයි දන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සොයා ගැනීම් ඉන්දීය ආරක්ෂක අංශ සිදුකරන්නේ අයි.එස්.අයි.එස්. සම්බන්ධකම් ඇති ත්‍රස්ත සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සහ ජාත්‍යත්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස සැලකෙන දාවුඩ් ඊබ්‍රහිම්ගේ ඩී ගැන්ග් සහ හිටපු LTTE ක්‍රියාකාරීන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිවිසුමක් ඇති කරගෙන ඇති බව පවසමින් ඉන්දීය බුද්ධි අංශ වාර්තාවක් නිකුත් කර ඇති පසු බිමකයි.
