ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට

ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

ඒ ඊයේ (27) පැවති අවසන් පූර්ව තරග වටයෙන් එංගලන්තය පරදා ලකුණු 68ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමත් සමඟයි

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණයි.

එම ජයග්‍රහණයත් සමග ඉන්දීයාව සහ දකුණු අප්‍රිකාව මෙවර 20යි 20 ලෝක කුසලාන අවසාන මහා තරගයට හෙට (29) Bridgetown හිදී තරග වැදීමට නියමිතයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This