ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකින් තුවාල ලබයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකින් තුවාල ලබයි

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේදී සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අනතුරින් රිෂාබ් පාන්ට් යම් පිළිස්සුම් සහ තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට රෝහලක ප්‍රතිකාර ලබන බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා

25 හැවිරිදි රිෂාබ් පාන්ට්ට බරපතළ තුවාල සිදුවී නොමැති බවයි එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ

අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This