ඉන්දීය ගුවන් හමුදා යානයක් නිවසකට කඩා වැටෙයි – තිදෙනෙක් මරුට

ඉන්දීය ගුවන් හමුදා යානයක් නිවසකට කඩා වැටෙයි – තිදෙනෙක් මරුට

ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

පුහුණුවීමක් අතරතුර දී රාජස්තාන් හි Hanumangarh ගම්මානයේ නිවසක් මතට එම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තනි ආසනයක් සහිත එම යානයේ නියමුවා එය අනතුරට ලක්වන අවස්ථාවේ ඉන් ඉවතට පැන තිබෙනවා.

ඒ අනුව නියමුවා තුවාල ලබා ඇති අතර යානය කඩා වැටුණු නිවසේ සිටි පුද්ගලයින් තිදෙනා අනතුරින් මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Share This