ඉන්දීය දේශපාලනඥයෙක් ඝාතනය කෙරේ

ඉන්දීය දේශපාලනඥයෙක් ඝාතනය කෙරේ

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

පාලක භාරතීය ජනතා පක්ෂය හා සම්බන්ධ දේශපාලනඥයෙක් වූ බාබා සිදික්, ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන කාර්යාලය අසලදී වෙඩිතබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිදික් 66 හැවිරිදි වියේ පසුවන අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයෙක් වන සිදික් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකු වනවා.

Share This