ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව ගැන බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව ගැන බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එල්ල කරන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් කිසිසේත් පිළිගත නොහැකි බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි පවසනවා.

මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ ආරක්‍ෂාව ද ඉතා වැදගත් බව ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් වික්‍රම් දොරේස්වාමිට සහ ඉන්දීය රජයට බ්‍රිතාන්‍ය රජය විසින් පැහැදිළි කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ සංවිධානය කර තිබූ රැළියකින් අනතුරුවයි.

එහිදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට විරෝධය දැක්වෙන පෝස්ටර් ද ප්‍රදර්ශනය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවැනි පිරිසක් ඉකුත්දා අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ඉන්දීය කොන්සාල් කාර්යාලයට ගිනි තැබීමට ද උත්සාහ කර තිබුණා.

Share This