ඉන්දීය විදේශ ඇමතිගේ ලතින් අමෙරිකා සහ කැරිබියානු සංචාරය

ඉන්දීය විදේශ ඇමතිගේ ලතින් අමෙරිකා සහ කැරිබියානු සංචාරය

ඉන්දීය විදේශ අමාත්‍ය S Jaishankar, ලතින් අමෙරිකාවේ සහ කැරිබියානු රටවල දින 9 ක කාලයක් සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Guyana, Panama, Colombia සහ Dominican ජනරජය යන රටවල ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය විදේශ අමාත්‍ය S Jaishankar ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු රටවල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

ඔහු අප්‍රේල් 21 සිට 23 වනදා දක්වා අදාළ සංචාරයේ නිරත වන බව සඳහන්.

නව ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික කටයුතු ගවේෂණය කිරීමේ අරමුණින් ඉන්දීය විදේශ අමාත්‍ය S Jaishankar මෙම සංචාරයේ නිරත වන අතර අදාළ රටවල ඉහළ පෙළේ නියෝජිතයින් සමග ඔහු සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

Share This