ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (VIDEO)

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (VIDEO)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා

ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවති බව සඳහන්

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සංචාරයේ නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක්ව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළා

ඒ අනුව කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදී තිබෙනවා

 

Share This