ඉන්දීය සිනමාවේ සුපිරි ගායක සන්තෝෂ් නාරායන්ගේ දැවැන්ත සංගීත ප්‍රසංගය යාපනයේ දී

ඉන්දීය සිනමාවේ සුපිරි ගායක සන්තෝෂ් නාරායන්ගේ දැවැන්ත සංගීත ප්‍රසංගය යාපනයේ දී

යාපනයේ පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය දැක බලා ගැනීම සඳහා මෙරට සංගීත ලෝලීන් හට එළඹෙන සැප්තැම්බර් 30 වනදා අවස්ථාව උදා වනවා.

භාරත සිනමාවට නවමු සංගීතමය හඬක් එක්කළ දකුණු ඉන්දියානු තාරකාවක වන සන්තෝෂ් නාරායන් මෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්ෂයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රසංගය යාපනය මුත්‍රවේලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ලයිකා සමූහයේ සභාපති අල්ලිරාජා සුභාෂ්කරන් මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම ප්‍රසංගය ඕනෑම අයෙකුට නොමිලයේ දැක බලා ගැනීමට අවස්ථාව ලැබීමද විශේෂත්වයක්.

සංගීතය නැමති විශ්ව භාෂාව හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිකමය බැඳීම් සැමරීම මෙම ප්‍රසංගයේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කලාකරුවන් මෙන්ම යාපනය ප්‍රදේශයේ කලාකරුවන්ගේද දස්කම් විදහා පාමින් සංහිඳියාවේ සහ එකමුතුකමේ වේදිකාවක් බවට මෙය පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි ” යනුවෙන් ලයිකා සමූහයේ සභාපති අල්ලිරාජා සුභාෂ්කරන් මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.

2012 වසරේදී ස්වාධීන සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්දීය සිනමා සංගීතයට පිවිසි සන්තෝෂ් නාරායන් සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙක්.

පසුගියදා කොළඹදී පැවති දැනුවත් කිරීමේ හමුවේදී සන්තෝෂ් නාරායන් පැවසුවේ “මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් සියලු ශ්‍රී ලාංකිකයින් හට සංගීතය රස විඳීමේ අවස්ථාව උදා කර දුන් ලයිකා සමූහයේ සභාපති අල්ලිරාජා සුභාෂ්කරන් මහතාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා” යනුවෙනුයි.

එමෙන්ම Lyca සමූහයේ උප සභාපති ප්‍රේම් සිවසාමි මහතා, Ben Holdings සමාගමේ අධ්‍යක්ෂ ජී. ටී. ජෙයසීලන් මහතා, Ben Holdings සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත හපුආරච්චි මහතා, Lyca Productions Sri Lanka හි උප සභාපතිනි ජානකී විජේරත්න මහත්මිය, Plintron Electronics කළමනාකාර අධ්‍යක්ෂ මොහාන්කුමාර් මහතා, Plintron Technologies සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුභාශ්‍රී රාධක්‍රිෂ්ණන් මහත්මිය, දකුණු ඉන්දීය සිනමාවේ කීර්තිමත් ගායක සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සන්තෝෂ් නාරායන් සහ ඔහුගේ බිරිඳ මීනක්ෂි සහ LYCA’s GNANAM පදනමෙන් රූමි ජෞෆර් යන අය මෙම දැවැන්ත ප්‍රසංගයට සහභාගී වෙයි.

Share This