ඉන්දු – චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන්  සාකච්ඡාවක් 

ඉන්දු – චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන්  සාකච්ඡාවක් 

ඉන්දු – චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍ය Qin Gang සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර අදහස් හුවමාරුවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ නවදිල්ලියේ පැවැති G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීවයි.

Qin Gang චීනයේ විදේශ අමාත්‍යධූරයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ සංචාරය කළ හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව ද මෙය වනවා.

එහිදී දෙරට අතර සබඳතා පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සබඳතා පවත්වා ගැනීමේදී වර්තමානයේ මුහුණ පෑමට සිදුව ඇති අභියෝග පිළිබඳව ද අමාත්‍යවරුනේ අවධානය යොමුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

සාකච්ඡා අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අවධාරණය කර ඇත්තේ දේශසීමා කලාපය තුළ සාමය ස්ථාපිත නොකළ හොත් දෙපාර්ශ්වයේ සබඳතා සාමාන්‍ය නොවනු ඇති බවයි.

Share This