
ඉන්දු – පාකිස්ථාන ගැටුම අතර චීනය සිය නවීන ආරක්ෂක උපායන් භාවිත කළ බවට ඇමරිකානු ආරක්ෂක සමාලෝචන වාර්තාවක් කියයි
චීනය පසුගිය මැයි මාසයේ පැවති ඉන්දියා-පකිස්තාන ගැටුම “අවස්ථාවාදී ලෙස” භාවිතා කළේ තම ආරක්ෂක හැකියාවන් ” පරීක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ” බව ද්විපාර්ශ්වික එක්සත් ජනපද කොමිසමක් සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද – චීන ආර්ථික හා ආරක්ෂක සමාලෝචන කොමිසමේ වාර්තාවේ, බීජිනය “ඉන්දියාව සමඟ පවතින දේශසීමා ආතතීන් සහ එහි පුළුල් වන ආරක්ෂක කර්මාන්ත ඉලක්ක සන්දර්භයන් තුළ ප්‍රයෝජනවත් වන එහි ආයුධවල නවීනත්වය පරීක්ෂා කිරීමට සහ ප්‍රචාරය කිරීමට” දින හතරක ගැටුම උපයෝගී කර ගත් බව පෙන්වා දී තිබෙනවා.
අදාල වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ “මෙම ගැටුම HQ-9 ගුවන් ආරක්ෂක පද්ධතිය, PL-15 ගුවනේ සිට ගුවනට මිසයිල යැවීම සහ J-10 ප්‍රහාරක ගුවන් යානා ඇතුළු චීනයේ නවීන ආයුධ පද්ධති ක්‍රියාකාරී සටන් සඳහා භාවිතා කළ පළමු අවස්ථාව මෙය වූ අතර එය සැබෑ ලෝක යුද ක්ෂේත්‍ර අත්හදා බැලීමක් ලෙස සේවය කරන බවයි.
පසුව චීනය ජුනි මාසයේදී පකිස්ථානයට J-35 පස්වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා 40ක්, KJ-500 ගුවන් යානා සහ බැලස්ටික් මිසයිල ආරක්ෂක පද්ධති 40 ක් විකිණීමට ඉදිරිපත් වූ බව වාර්තාවේ දැක් වෙනවා.
ගැටුමෙන් සති කිහිපයකට පසු, චීන තානාපති කාර්යාල ඉන්දියා-පකිස්තාන ගැටුමේදී එහි පද්ධතිවල “සාර්ථකත්වයන්” අගය කළ අතර, “ආයුධ අලෙවිය ශක්තිමත් කිරීමට” උත්සාහ කළ බව, ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු සහ මාධ්‍ය වාර්තා ඇතුළත් කමිටු විභාග සහ පර්යේෂණ මත පදනම් වූ වාර්තාව තවදුරටත් පෙන්වා දී තිබෙනවා.
