
ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් පරිමාණයේ 6.1ක භුකම්පනයක් එහිදී සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම භූකම්පන තත්ත්වය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවද එරට කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර සිටිනවා.