ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර යුද අභ්‍යාසයක්
ඉන්දුනීසියාව, දකුණු චීන මුහුදේ චීනය විසින් ස්වයං-ප්‍රකාශිත භෞමික රේඛාව අසල පිහිටි නටුනා (Natuna) දූපත්වල එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.
විදෙස් මූලාශ්‍රවලට අනුව, නටූනා දූපත්හි දෙරට අතර වාර්ෂික ගරූඩා ආරක්ෂක යුධ අභ්‍යාසය සිදුකිරීම 2007 වසරේ පටන් සිදුවන්නක්.
ගරූඩා ආරක්ෂක යුධ අභ්‍යාසය යටතේ එක්සත් ජනපද හමුදාව සහ ඉන්දුනීසියානු හමුදාව සති දෙකක ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වනවා.
නටූනා දූපත් ඉන්දුනීසියාවේ බලය සීමා කිරීම සඳහා චීනය විසින් සකස් කර ඇති රේඛා නවය කලාපයෙන් පිටත පිහිටා ඇතත්, චීන ධීවර බෝට්ටු සහ රජයේ යාත්‍රා දූපත් අසල නිරතුරැව දක්නට ලැබෙනවා.
කෙසේවෙතත්, ඉන්දුනීසියාව මෙම දූපත් සමූහයේ හමුදා ස්ථානගත කර තිබෙනවා.
මෙම වසරේ යුද අභ්‍යාසයට නිරීක්ෂණය මට්ටමින් තවත් රටවල් 14ක් සම්බන්ධ වීමට නියමිත අතර මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව , කැනඩාව , ජපානය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් ඊට ඇතුළත්.