ඉන්දුනීසියාවෙන් බිත්තර ආනයනයට සිංගප්පුරුව සූදානම්

ඉන්දුනීසියාවෙන් බිත්තර ආනයනයට සිංගප්පුරුව සූදානම්

සිංගප්පූරුව විසින් එරට ජාතික ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කරන නවතම ආනයනකරු ලෙස ඉන්දුනීසියාව අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දුනීසියාව එකතු වීමත් සමග සිංගප්පූරුවට බිත්තර ආනයනය කෙරෙන පිළිගත් රටවල් සහ කලාප සංඛ්‍යාව 18 දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත්, රෝග පැතිරීම සහ සැපයුම් බාධා කිරීම් වැනි විවිධ සාධක හේතුවෙන් සිංගප්පූරුවට ආනයනය කෙරෙන බිත්තර සැපයුම් උච්චාවචනයන් අපේක්ෂා කළ හැකි බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

සිංගප්පූරුවේ බිත්තර සැපයුමෙන් සියයට 70 ක් පමණ මේ වනවිටත් සිදු වන්නේ ආනයනය හරහායි.

මේ අතර එරට දේශීය බිත්තර ගොවිපල දියුණු කිරීමට ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව සිංගප්පුරුවේ දේශීය බිත්තර ගොවිපල ඉදිරියේදී රටේ බිත්තර ඉල්ලුමෙන් සියයට 50 ක් පමණ සපුරාලනු ඇති බවයි එරට බලධාරීන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Share This