ඉන්දුනීසියාවේ 200කට අධික ළමුන්ට ජීවිත අහිමි කළ ඖෂධ සමාගමක ප්‍රධානියාට සිර දඬුවම්

ඉන්දුනීසියාවේ 200කට අධික ළමුන්ට ජීවිත අහිමි කළ ඖෂධ සමාගමක ප්‍රධානියාට සිර දඬුවම්

කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් පසු ළමුන් 200කට අධික සංඛ්‍යාවක් මියයාම නිසා ඒ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු සමාගමක ප්‍රධානියා සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා .

ඔවුන්ට වසර දෙකක සිර දඬුවම් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියන 1ක දඩයක් නියම වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම ඖෂධ සමාගමට අධික විෂ සහිත ද්‍රව්‍ය අඩංගු කැස්ස සිරප් නිෂ්පාදනය කළ බවට චෝදනා එල්ල වුණා .

ඖෂධ සමාගමේ ප්‍රධාන විධායකවරයාට වසර හතේ සිට නවය දක්වා සිර දඬුවමක් සහ අනෙක් විත්තිකරුවන්ට වසර හත බැගින් සිර දඬුවම් නියම කිරීමට අභිචෝදකයෝ ඉල්ලා තිබෙනවා .

2022 වසරේ සිට, ඉන්දුනීසියානු ළමුන් 200 කට වැඩි පිරිසක් කැස්ස සිරප්වලට සම්බන්ධ උග්‍ර වකුගඩු ආබාධයකින් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේද මරණ 100ක් පමණ වාර්තා වී තිබෙනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් හයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This