ඉන්දුනීසියාවේ බාලි දූපතට එන විදෙස් සංචාරකයින්ට බද්දක්

ඉන්දුනීසියාවේ බාලි දූපතට එන විදෙස් සංචාරකයින්ට බද්දක්

ලබන වසරේ සිට ඉන්දුනීසියාවේ බාලි දූපත වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා බදු පැනවීමට තීරණය කර තිබෙනවා.

බාලි දූපතේ සංස්කෘතික ස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බාලි හි ආණ්ඩුකාරවරයා විසින් අදාළ තීරණය ගෙන ඇති අතර විදෙස් සංචාරකයින් එහි සංචාරය කරන එක් වරකදී පමණක් එම බදු අය කිරීමට කටයුතු කරන ලෙස නීති සම්පාදකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව බාලි දුපත වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් ලබන වසරේ සිට අමෙරිකානු ඩොලර් 10ක මුදලක් බදු ලෙස අය කිරීමට නියමිතයි.

Share This