ඉන්දුනීසියාවේත් සිරප් ඖෂධ වර්ග තහනම් කරයි-ළමුන් සියයකට ආසන්න ගණනක් මරුට

ඉන්දුනීසියාවේත් සිරප් ඖෂධ වර්ග තහනම් කරයි-ළමුන් සියයකට ආසන්න ගණනක් මරුට

ඉන්දුනීසියාවේ ළමුන් 99 දෙනෙකු මිය යාම හේතුවෙන් එරට සියලුම සිරප් ඖෂධ වර්ග තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සිදුවීම සිදුවන්නේ ගැම්බියාවේ කැස්ස සිරප් ලබා දීමෙන් ළමුන් 70 කට ආසන්න සංඛ්‍යාවකගේ මරණ සිදුවී සති කිහිපයකට පසුවයි

මෙම වසරේ කුඩා ළමුන් 99 දෙනෙකු උග්‍ර වකුගඩු ආබාධ (AKI) හේතුවෙන් මියගොස් ඇත්තේ ඇතැම් සිරප් ඖෂධවල අඩංගු සංඝටක නිසා බව ඉන්දුනීසියාව සඳහන් කර තිබෙනවා

එම ඖෂධය ආනයනය කළේද නැතිනම් දේශීයව නිෂ්පාදනය කළ ඒවාද යන්න පැහැදිලි තවමත් පැහැදිලි වී නැහැ.

ඉන්දුනීසියානු සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ උග්‍ර වකුගඩු ආබාධ සහිත ළමුන් 200 ක් පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු පහට අඩු අය බවයි.

මෙම මස මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගැම්බියාවේ ළමුන් 70 කට ආසන්න සංඛ්‍යාවක් මියයාමට සම්බන්ධ යැයි සැකකෙරෙන කැස්ස සිරප් හතරක් සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කළා

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ දේශීයව භාවිතා කරන සමහර ඖෂධවල ද එම රසායනික සංයෝග හමු වූ බවයි.

එමෙන්ම ඉන්දුනීසියානු බලධාරීන් ගැම්බියාවේ භාවිතා කරන කැස්ස සිරප් දේශීයව අලෙවි නොකළ බවද සඳහන් කරනවා

ඉන්දුනීසියානු බලධාරීන් මෙතෙක් අසනීප වූ දරුවන්ට සම්බන්ධ සිරප් ඖෂධ වර්ගවල වෙළඳ නාම හෙළිදරව් කර නැති අතර ඒ වෙනුවට සියලු සිරප් සහ දියර ඖෂධ විකිණීම මෙන්ම නිර්දේශ කිරීම තාවකාලිකව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This