ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311ක්

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනවා

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර තිබෙනවා

එහි නව මිල රුපියල් 319ක්

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183ක් ලෙසයි අඩු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ

Share This