ඉන්ධනවලට අමතරව Sinopec පිරිපහදුවකුත් එන ලකුණු

ඉන්ධනවලට අමතරව Sinopec පිරිපහදුවකුත් එන ලකුණු

Sinopec සහ Vitol යන සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වන යෝජනාව අගෝස්තු මස අවසානය වන විට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ඒ සඳහා වැය වන බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය 2019 වසරේ සිට සාකච්ඡා කෙරෙමින් පවතින්නක් බව ද සඳහන්.

මේ අතර චීන තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම ලබන මස 20වනදා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

රජය නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට මෙම සමාගමට අවසර හිමිවනු ඇති.

ගිවිසුමේ කොටසක් ලෙස, සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් හිමිවන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමටද අවස්ථාව සැලසෙනවා.

Share This