ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයින් 540ක් අත්අඩංගුවට

ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයින් 540ක් අත්අඩංගුවට

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ තවත් ක්‍රියාකාරීන් 540ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පී.ටී.අයි පක්ෂයේ නායකයින්, කම්කරුවන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම පසුගිය 9 වැනිදා සිට පන්ජාබ් පොලිසිය පළාත පුරා පක්ෂයේ නිලධාරීන්ට සහ සේවකයන්ට එරෙහිව නඩු 205ක් පවරා ඇති බව සඳහන්.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පොලිස් නිලධාරීන් සහ පී.ටී.අයි පක්ෂයේ පිරිස් අතර ආරවුලක් ඇති වූ අතර සැකකරුවන් ලෙස ලැයිස්තුගත කර ඇති පාක්ෂිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පී.ටී.අයි කාර්යාලය වටලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මීට අමතර cctv දර්ශනල වීඩියෝ පටිගත කිරීම් සහ සමාජ මාධ්‍ය පෝස්ට් හරහා මෙම අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා

ඉම්රාන් ඛාන් අද (13) අලුයම ලාහෝර්හි සමාන් උද්‍යානයේ පිහිටි ඔහුගේ නිවසට ආපසු පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

Share This