ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉවත දමයි

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉවත දමයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අදාල යෝජනාව පාකිස්ථාන ජාතික සභාවේ නියෝජ්‍ය කතානායකවරයා සැලකිල්ලට භාජනය කළ අවස්ථාවේදීයි.

පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දන්වමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථානයේ වත්මන් ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට චෝදනා නගමින් එරට විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවට ගෙන එනු ලැබුවා.

Share This