ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අද (09) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පරාජය වීමේ වැඩි ඉඩක් ඇති අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව පාකිස්ථානයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමට හැකියාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (09) උදෑසන පාකිස්ථාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුව කථානායක අසාද් කේසර්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, විශ්වාසභංග යෝජනාව නම් කර ඇත්තේ න්‍යාය පත්‍රයේ හතරවන අංගය ලෙසයි.

Share This