ඉම්රාන්ටත් ඉවත් වන ලෙස බලපෑම්
පාකිස්ථාන හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් අගමැති ඉම්රාන් ඛාන් හමුවී තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඇති හොඳම විසඳුම ඉදිරි දිනවල පැවැත්වෙන ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවෙන් පසු ඉල්ලා අස්වීම බව ඔවුන් පවසා ඇතැයි සදහන්.
පාකිස්ථාන හමුදා ප්‍රධානි ජනරාල් ජාවෙඩ් බජ්වා , ලුතිනන් ජෙනරාල් නදීම් අන්ජුම් ඇතුළු හමුදා ප්‍රධානින් පිරිසක් පසුගියදා ඉම්රාන් ඛාන් හමුවී ඔහුට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත විශ්වාසභංග යෝජනාව සමග මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබදව සාකච්ඡා කළ අතර එහිදී මෙම දැනුම්දීම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (21) දිනයේ ජාතික සභාවේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ යෝජනාව පිළිගනු ලැබුවහොත් ඊට අදාළ විශ්වාසභංග ඡන්ද විමසීම මාර්තු 28 වැනිදා පැවැත්වෙනු ඇති.
පාකිස්ථාන විපක්ෂය විසින් ගෙන එන මෙම විශ්වාසභංග යෝජනාවට සහය පළකරමින් අගමැති ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද දැනටමත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.