ඉරාකයේ සිටින එක්සත් ජනපද හමුදාවන්ට ඩ්‍රෝන ප්‍රහාර

ඉරාකයේ සිටින එක්සත් ජනපද හමුදාවන්ට ඩ්‍රෝන ප්‍රහාර

එක්සත් ජනපද හමුදා සිටින ඉරාක හමුදා කඳවුරුවලට රොකට් සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඊයේ (19) දිනයේ ප්‍රහාර එල්ල කර ඇති බව නම් නොකළ ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරනවා

අයින් අල්-අසාද් ගුවන් කඳවුර තුළ පිපිරීම් කිහිපයක් ඇසුණු බවත් ඉරාක හමුදාව එම ප්‍රදේශය වසා දමා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සඳහන්

මෙම ප්‍රහාරවලින් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැහැ .

මෙය ප්‍රහාරය සිදුවන්නේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයට එක්සත් ජනපදය සහය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන් ඉලක්ක කරන බවට ඉරාක සන්නද්ධ කණ්ඩායම් පසුගිය සතියේ පැවසීමෙන් පසුවයි.

මේ අතර ඉරාකයේ සහ සිරියාවේ එක්සත් ජනපද හමුදා ඩ්‍රෝන ප්‍රහාර කිහිපයකට ලක්ව ඇති බව පෙන්ටගනය පවසනවා

 

Share This