ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් අනතුරු ඇඟවීමක්
තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා.
ඊශ්‍රායලය විසින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත්තේ සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවයි.
ටෙහෙරාන් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන විරෝධතාකරුවන් විසින් අත්පත් කරගැනීමේ 45 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.