ඉරාන දේශසීමාවේ ත්‍රස්ත ප්‍රහාර

ඉරාන දේශසීමාවේ ත්‍රස්ත ප්‍රහාර

පාකිස්ථානයේ  Panjgur දිස්ත්‍රික්කයේ පිහිටි පාකිස්ථාන – ඉරාන දේශසීමාවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පාකිස්ථානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ත්‍රස්තවාදීන් ඉරානය දෙසින් ප්‍රහාරය එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ දේශසීමාව ආසන්නයේ මුර සංචාරයේ යෙදි සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙක්.

ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිස ලුහුබඳින ලෙස පාකිස්ථානය, ඉරානයෙන් ඉල්ලීමක් ද කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම දේශසීමා හරහා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය ත්‍රස්තවාදීන්ට සිය භූමිය ලබා නොදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

Share This