ඉරානය – ඊශ්‍රායලයට එරෙහිව විශාලතම මිසයිලය භාවිතා කරයි

ඉරානය – ඊශ්‍රායලයට එරෙහිව විශාලතම මිසයිලය භාවිතා කරයි

ඉරානය – ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලදී, අධික බරක් රැගෙන යා හැකි විශාලතම මිසයිලය භාවිතා කර තිබෙනවා.

ඒ එක්සත් ජනපද බෝම්බ හෙලන ජෙට් යානා ටෙහෙරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් පෝෂණය කරන බවට විශ්වාස කෙරෙන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට පහර දීමෙන් පැය කිහිපයකට පසුවයි.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය කොරාම්ෂහර්-4 මිසයිලයේ ගොනු දර්ශන ලෙස පෙනෙන දර්ශන විකාශනය කළ අතර, එය අද ප්‍රහාරයේදී භාවිතා කළ බව කියා සිටියා.

ඇමරිකානු ක්‍රියාමාර්ගයෙන් පසු ඉරානය අවම වශයෙන් මිසයිල 40 ක් දියත් කළ අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුව කොරාම්ෂහර්-4 ද ඊට ඇතුළත්.

මෙම මිසයිලය කිලෝමීටර් 2,000 ක පරාසයක් සහ කිලෝග්‍රෑම් 1,500 ක යුද හිසක් ඇති බවට විස්තර කර තිබෙනවා.

නමුත් ඉරානය පවසන්නේ මිසයිලයට යුද හිස් කිහිපයක් රැගෙන යා හැකි බවයි.

1980 ගණන්වල ඉරාක-ඉරාන යුද්ධයේදී දරුණු සටන්වලට ලක් වූ ඉරාන කොරාම්ෂහර් නගරය සිහිපත් කරමින් මෙම මිසයිලය නම් කර ඇති බවට වාර්තා වනවා.

එය කයිබාර් ලෙසද හැඳින් වෙනවා.

මේ අතර ඉරානයේ ෆෝඩෝ හි භූගත න්‍යෂ්ටික වැඩිදියුනු කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවල ප්‍රතිවිපාක දැක් වෙන නව චන්ද්‍රිකා ඡායාරූප නිකුත් වී තිබෙනවා.

 

 

Share This