ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ලවන තර්ජනවලට අමෙරිකාවෙන් පෙර සූදානමක්

ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ලවන තර්ජනවලට අමෙරිකාවෙන් පෙර සූදානමක්

ඉරානය සහ එහි ප්‍රොක්සිවරුන් විසින් එල්ල කළ හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකාව අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව පෙන්ටගනය පවසනවා.

ඉරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ සහ ලෙබනන් සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කලාපය තුළ දැඩි ප්‍රවේගකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී මිසයිල ආරක්ෂක හමුදා යෙදවීමට වැඩි සූදානමක් පවතින අතර, ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇති කැපවීම “යකඩ ආවරණයක්” බවයි පෙන්ටගනය පවසන්නේ.

ඉරානයේ නායක අයතුල්ලා කමේනි හනියේ, ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව “දැඩි දඩුවම්” ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

Share This