ඉරානයේ විරෝධතා ඇෆ්ගනිස්ථානයටත් යයි

ඉරානයේ විරෝධතා ඇෆ්ගනිස්ථානයටත් යයි

ඉරානයේ හිජාබ් විරෝධී උද්ඝෝෂණ හා හිජාබය පැලදිමට එරෙහිව හඩ නැගූ ඉරාන තරුණියගේ මරණයට විරෝධය පා ඇෆ්ගනිස්ථානයයේ ද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

එලෙස විරෝධතාවයේ නිරත වී සිටින්නේ ඇෆ්ගන් කාන්තාවන් බව සදහන්.

ඒ අනුව ඇෆ්ගන් කාන්තාවන් රැසක් ඉරානයේ විරෝධතාවල නිරත කාන්තාවන්ට සහය පළ කරමින් එරට ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

ඉස්ලාම් ආගමික ප්‍රතිපත්ති මත පදනම්ව කාන්තා අයිතීන් වෙනුවෙන් කැපවන බවට තලෙයිබාන් රජය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එරට කාන්තාවන් මෙලෙස විරෝධතා ආරම්භ කර ඇති බව සඳහන්.

ඔවුන් පවසන්නේ ඉරානයේ මාෂා වැනි තවත් බොහෝ කාන්තාවන් ඇෆ්ගනිස්ථානය තුළ ද වින්දිතයින් වී ඇති බවයි.

ඔවුන් වෙනුවෙන් මෙලෙස සිය හඩ අවදි කරන බව ඇෆ්ගන් කාන්තාවන් පවසනවා.

Share This