ඉරානයේ විරෝධතා නිසා මියගිය ගණන තවත් ඉහළට

ඉරානයේ විරෝධතා නිසා මියගිය ගණන තවත් ඉහළට

අත්අඩංගුවේ පසුවූ මහ්සා අමිනී නැමැති කාන්තාවගේ මරණය හේතුවෙන් දින 11ක් පුරා ඉරානයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් අතරතුර ඉරාන ආරක්ෂක අංශ විසින් අවම වශයෙන් විරෝධතාකරුවන් 76 දෙනෙකු මරා දමා ඇති බව එරට ක්‍රියාකාරීන් පවසන බව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළුව මියගිය සංඛ්‍යාව 41 ක් බවත්,පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවේ පසුවන බවත් ඉන් 20 ක් මාධ්‍යවේදීන් බවත් එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

බලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා

සැප්තැම්බර් 17 වන දින මහ්සා අමිනීගේ අවමංගල්‍ය උත්සවයේ සිට ඉරානය පුරා නගර සහ නගර 80 කට වැඩි ප්‍රමාණයකට ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වුණා

වයඹ දිග නගරයක් වන Saqez හි 22 හැවිරිදි කුර්දි ජාතික කාන්තාව සැප්තැම්බර් 13 වන දින ටෙහෙරාන් අගනුවරට පැමිණෙමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තාවන්ට හිජාබයකින් හිසකෙස් ආවරණය කළ යුතු බවට වූ දැඩි නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනුයි

රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන යාමෙන් පසු ඇය ඇද වැටීම නිසා දින තුනක කෝමා තත්ත්වයෙන් සිට රෝහලේදී මිය ගිය බව විදෙස් මාධ්‍ය මීට පෙර සඳහන් කළා

Share This