ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු චීනයේ දී මුණ ගැසෙයි

ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු චීනයේ දී මුණ ගැසෙයි

ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු 2016 න් පසු ප්‍රථම වතාවට සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් චීනයේදී මුණගැසී එකිනෙකාට සුබ පතා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය මාසයේදී චීනයේ පැවති පහළ මට්ටමේ සාකච්ඡාවලදී ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට දෙරටම එකඟ වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

Share This