ඉල්ලීම් ඉටු නොකළොත් එක් ප්‍රාණ ඇපකරුවෙක්වත් පණපිටින් ගාසා තීරයෙන් නොයවන බවට හමාස්ගෙන් ප්‍රකාශයක්

ඉල්ලීම් ඉටු නොකළොත් එක් ප්‍රාණ ඇපකරුවෙක්වත් පණපිටින් ගාසා තීරයෙන් නොයවන බවට හමාස්ගෙන් ප්‍රකාශයක්

සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම් ඉටු නොකළහොත් එක් ප්‍රාණ ඇපකරුවෙකුටවත් පණපිටින් ගාසා තීරයෙන් පිටව යාමට ඉඩ නොදෙන බවට හමාස් දැඩිව තර්ජනය කරමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සටන්කාමීන් බොහෝ පිරිසක් යටත් වී ඇති බවත් අවසානයේ ආරම්භය මෙය බවත්ය

මේ අතර දුෂ්කර ලෙස පවතින යුද සටන්වලට සිවිල් වැසියන් හසුවීමට අවශ්‍ය නැති බව පවසමින් ඛාන් යුනිස් මධ්‍යයේ සිට පලා යන ලෙස ඊශ්‍රායලය සිවිල් වැසියන්ට නියෝග කර තිබෙනවා

ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන කටාර් රාජ්‍යය පවසන්නේ ඊශ්‍රායලය සහ හමාස් අතර නව සටන් විරාමයක් ඇති වීමේ අවස්ථා අඩු බවයි

හමාස් සංවිධානය සති නවයකට පෙර ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර ඉන් 1,200 ක් මිය ගොස් 240 ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා

ඔවුන්ගෙන් කිහිපදෙනෙක් කෙටි කාලීන සටන් විරාමයක් අතරතුර නිදහස් කරනු ලැබුවා

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ ඊශ්‍රායලය සිය ප්‍රතිප්‍රහාර හමුවේ 18,000 ක් පමණ මරා දමා ඇති බවයි.

Share This