ඉල්ලීම් ලැබෙන තුරු රජරට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අදත් වර්ජනයේ

ඉල්ලීම් ලැබෙන තුරු රජරට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අදත් වර්ජනයේ

රජරට විශ්ව විද්‍යාලය අද (03) දිනයේත්, මහාචාර්යවරුන් ගේ වැඩවර්ජනයක් හේතුවෙන් කරගෙන සියලුම අධ්‍යන කටයුතු සිදු නොකරන බව වාර්තා වනවා.

මහාචාර්යවරුන්ගේ සංගමය පවසන්නේ විසඳුම් ලැබෙන තුරු වැඩවර්ජනය දිගටම සිදු කරන බවයි.

ස්ථිර උපකුලපතිවරයෙක් පත් නොකිරීම පිළිබඳ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතු කොටගෙන රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සියලු දෙනාම දින හතරක් පුරා වැඩවර්ජනයක නිරතව සිටිනවා.

ඔවුන් පවසන්නේ තම ඉල්ලිම් සඳහා විසඳුම් ලැබෙන තුරු අඛන්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 

Share This