ඉල්ලුම වැඩි වුනොත් විදුලි කප්පාදුවක අවදානමක් (වීඩියෝ)

ඉල්ලුම වැඩි වුනොත් විදුලි කප්පාදුවක අවදානමක් (වීඩියෝ)

හෙට (21) දිනෙන් ආරම්භ වන සතියේ විදුලි සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් මීට පෙර ප්‍රකාශයට පත්කළ පරිදි විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඉන්ධන සැපයීමට නොහැකි වීම නිසා කැලණිතිස්ස චක්‍රීය බලාගාරය ඇතුළු බලාගාර 07ක් විදුලි උත්පාදන කටයුතු ඇණහිටී තිබුණා.

ඉන් සපුගස්කන්ද බලාගාර සංකීර්ණය ඇතුළු තවත් බලාගාර කිහිපයකට අවශ්‍ය දැවි තෙල් ලබා දීම මගින් විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව සති අන්තයේ දිනයක් වන අද (20) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මීට පෙර මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

එහෙත් සතියේ දින තුළ විදුලි ඉල්ලුම ඉහළ යාම හමුවේ ප්‍රකාශයට පත් කළ පරිදි කණ්ඩ 04ක් යටත් විදුලි කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෞද්ගලික සමාගමකින් ලබාගත් රුපියල් මිලියන 250ක මුදල ඉන්ධන මිල දී ගැනීම සඳහා හෙට (21) දින බලශක්ති අමාත්‍යාංශයට ලබා දෙන බවයි.

මේ අතර මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් ඊයේ (19) රාත්‍රියේ දිවයිනට ළඟාවූ අතර අද (20) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් නෞකාවක් ද දිවයිනට ළඟාවීමට ද නියමිතයි.

 

Share This