ඉල්සා සුළි කුණාටුව දරුණු වෙයි

ඉල්සා සුළි කුණාටුව දරුණු වෙයි

ඉල්සා (Ilsa) සුළි කුණාටුව බටහිර ඕස්ට්‍රේලියාව දෙසට වර්ධනය වෙමින් ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දරුණු නිවර්තන සුළි කුණාටුවක් වන ඉල්සා කුණාටුව (13) රාත්‍රියේ උතුරේ පෝර්ට් හෙඩ්ලන්ඩ් (Port Hedland) වෙත ගමන් කරන බව සඳහන්.

එම කලාපය පුරා රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

උතුරු ඕස්ට්‍රේලියාව සුළි කුණාටුවලට නිරන්තරයෙන් මුහුණ දෙන අතර මෙම කුණාටුව වසර 14 කට පසු කලාපයට එන ප්‍රබලම කුණාටුව වනු ඇති බවයි එරට කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ.

මෙම ප්‍රබල සුළි කුණාටුව කිම්බර්ලි (Kimberley) සහ පිල්බරා (Pilbara) ප්‍රදේශවලට පැයට කිලෝමීටර 315 වේගයකින් හමා යනු ඇතැයි ද එරට කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළා.

Share This