
ඉෂාරා රැගෙන පොලිස් අපරාධ කොට්ඨාශය ඊයේ මතුගම යයි (VIDEO)
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.
එවන් පසුබිමක ඇය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ මතුගම ප්රදේශයට රැගෙන ගියේ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු මෙරටින් පළායාමට පෙර සැගව සිටි බවට කියන ස්ථාන කිහිපයක් පරික්ෂා කිරීම සඳහායි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී මෙරට ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකාරියක් ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සහ ඇය සමඟ සිටි තවත් පස්දෙනෙක් පසුගිය 13 වැනිදා රාත්රියේ නේපාලයේ කත්මණ්ඩු නගරයේ භක්තපූර් තිබ්බස් පාර්ක් ප්රදේශයේ සුපිරි නිවසක සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි සහ තවත් 03 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් අතර ඔවුන් එදින රාත්රියේම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබුවා.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන රුවක් ඇති යාපනය චාවකච්චේරිය ප්රදේශයේ පදිංචි තක්ෂි නමැත්තිය,ජේ.කේ. බායි හෙවත් කෙනඩි නමැත්තා සහ යාපනය ප්රදේශයේ පදිංචි පුද්ගලයකු වූ සුරේෂ් නමැත්තා ද එම කොට්ඨාසය වෙත භාර දී තිබුණා.
පසුව ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා පැය 72ක රැදවුම් නියෝග යටතේ ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.
ඒ පොලිසිය ඊයේ කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
සිදු කෙරෙන විමර්ශන වලට අදාලව ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින මතුගම ප්රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
ඒ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු මෙරටින් පළායාමට පෙර සැගව සිටි බවට පැවසෙන ස්ථාන කිහිපයක් පරික්ෂා කිරීම සඳහායි.
එහිදී ඇය මතුගම ප්රදේශයේ සඟව සිටි බවට සැලකෙන නිවසක් සහ හෝටලයක් වෙත ඊයේ රාත්රියේ ඇය රැගෙන ගිය බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනය කෙරුණු අලූත්කඩේ අංක 5 මහේස්ත්රාත් අධිකරණයට තමන් අවස්ථා කිහිපයකදීම නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි බවට ඉෂාරා සෙව්වන්දි විසින් ප්රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනය සිදුවූ දිනයේ තමා නීතිඥවරියක් ලෙස සැරසී උසාවියට ගොස් ගණේමුල්ල සංජීව රැගෙන එනතුරු නීතිඥ විවේකාගාරයේ රැඳීසිටි බවයි.
එමෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනය සිදු කළ දින,දණ්ඩ නීති සංග්රහය තුළ සඟවා රැගෙන ආ ගිනි අවිය වෙඩික්කරු වු කමාන්ඩෝ සමිදු නැමැත්තා වෙත තමා විසින් ලබා දුන්නේ අධිකරණ භූමියේ පඩිපෙළක් මතදී බවට ද තොරතුරු අනාවරණය කර තිබෙනවා.