
ඉසඩ් ඩී ඇලට වැටුණු ඇතින්න ඇල කටින්ම ගොඩවීම
පොලොන්නරුව, වැලිකන්ද, කාසන්වැට ප්රදේශයේ දී ඉසඩ් ඩී. ප්රධාන ඇලට අද (15) උදෑසන වන අලියෙකු වැටී සිටියා.
වැලිකන්ද වනජීවි නිලධාරින් පවසන්නේ එම අලියා ගෑනු සතෙකු බවයි.
මෙලෙස වන අලින් දිය බීමට පැමිණ මෙම ඇලට වැටීම මීට පෙර ද වාර්තා වුණා.
ඒ බොහෝ අවස්ථාවල වන ජීවී නිලධාරීන් පැමිණ වන අලියා ඉන් ගොඩට කටයුතු කර තිබුණා.
අද ඇලට වැටී සිටි මෙම ඇතින්න ඉසඩ් ඩී. ඇල දිගේ ගමන් කර පසුව ඇල මාර්ගයේ ඇති පඩිපෙළක යකඩ කොකු ආධාරයෙන් ගොඩවී කැලය වෙත ගමන් කරනු දැකගත හැකි වුණා.