ඉස්තාන්බුල් නගරයේ සිදුවූ පිපිරීමෙන් 6ක් මරුට -81කට තුවාල(VIDEO)

ඉස්තාන්බුල් නගරයේ සිදුවූ පිපිරීමෙන් 6ක් මරුට -81කට තුවාල(VIDEO)

මධ්‍යම ඉස්තාන්බුල්හි ඊයේ (13) සිදුවූ පිපිරීමකින් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් 81 දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීහු පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා

ටක්සිම් චතුරශ්‍රය ප්‍රදේශයේ සාප්පු වීදියක මෙම පිපිරීම සිදුව ඇති බවයි පැවසෙන්නේ .

මේ වන විට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

පිපිරීම කාන්තාවක් විසින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන බවත් අපරාධකරුවන්ට දඬුවම් කරන බවත් ජනාධිපති Recep Tayyip Erdogan සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එරට අධිකරණ අමාත්‍ය Bekir Bozdag තුර්කි මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ පිපිරීම සිදු වීමට මිනිත්තු කිහිපයකට පෙර සැකකටයුතු ලෙස හැසිරුණ කාන්තාවක් එම ප්‍රදේශයේ බංකුවක් මත විනාඩි 40කට වැඩි කාලයක් වාඩි වී සිට ඇති බවයි.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැහැ

Share This