ඉස්ලාම් නීතියට පටහැනි ඉගැන්වීම් ‘ඇෆ්ගනිස්තාන විශ්ව විද්‍යාලවලින්’ ඉවතට
ඉස්ලාම් නීතියට පටහැනි සියලු විෂයන් ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාලවල ඉගැන්වීම්වලින් ඉවත් කරන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඇෆ්ගනිස්තානයේ වැඩබලන උසස් අධ්‍යාපන අමාත්‍ය ෂෙයික් අබ්දුල් බාකි හක්කානි විසින් මෙම නියෝගය සිදුකර තිබෙනවා.
ටොලෝ නිවුස් වාර්තා කර ඇති පරිදි විශ්ව විද්‍යාලවල කාන්තා සහ මිශ්‍ර පන්ති පැවැත්වීමට අවසර නොදෙන බව ද ඇෆ්ගනිස්තානයේ වැඩබලන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.
මෙම නියෝගය සෞන්දර්ය, සහ ශ්‍රාස්තීය විෂයන් රැසක් සම්බන්ධයෙන් අදාළ වනු ඇති බව ද එහි දැක්වෙනවා.
ඇෆ්ගනිස්තානයේ ඇතැම් විශ්ව විද්‍යාල කාන්තා සහ පිරිමි සිසුන් මිශ්‍රව දේශන පැවැත්වීම ආරම්භ කර තිබුණත්,ඒවායේද තිර ඇද ඔවුනොවුන් වෙන්කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.