සැම්බියාව ණය අවලංගු කරයි

සැම්බියාව ණය අවලංගු කරයි

චීන ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සැම්බියාව ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක චීන ණය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොලර් බිලියන 17ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩොලර් බිලියන 1.4ක් ජාතයන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා ද සැම්බියාව සාර්ථක ලෙස කළමනාකරණය කර ඇති බව සඳහන්.

2020 නොවැම්බරයේදී, සැම්බියාව ස්වෛරී ණයක් ගෙවීම පැහැර හැර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී ණය පැහැර හැරීමක් සිදුකර තිබෙනවා.
කොවිඩ් වසංගතයෙන් මිදීමට රටවලට උපකාර කිරීම සඳහා G-20 විසින් නිර්මාණය කර ඇති අලුතින් ස්ථාපිත ක්‍රියාවලියක් යටතේ ණය සහන සහ ප්‍රතිව්‍යුහගත කිරීම් සලකා බැලීමට ද සැම්බියාව අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීනය සැම්බියාවෙහි විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන අතර සැම්බියාවට සුවිශේෂී ලෙස ඉහළ මට්ටමේ චීන ණය බැඳීම් ඇති බවයි පැවසෙන්නේ.

චීන රාජ්‍ය සහ පෞද්ගලික ණය දෙන්නන් වෙත සැම්බියාවේ ණය ඩොලර් බිලියන 6.6 ක් වන අතර එය පෙර සැම්බියානු රජය විසින් හෙළි කරන ලද මුදල මෙන් දෙගුණයක් පමණ වන බව චීන අප්‍රිකා පර්යේෂණ මුලපිරීම (CARI) ණය දත්ත විශ්ලේෂණයකින් ඇස්තමේන්තු කර තිබෙනවා.

දිගින් දිගටම ගොඩනැගෙන දඩ හෝ පොලී හිඟ මුදල් එයට ඇතුළත් නොවන බව ද සඳහන්.

තඹවලින් පොහොසත් සැම්බියාව 2000-2018 කාලසීමාව තුළ ප්‍රවාහන සහ බල ක්ෂේත්‍රවල ව්‍යාපෘති 69කට වඩා ප්‍රමාණයක් සඳහා චීන ණය යොදාගෙන තිබෙනවා.

Share This